2026-10-20 10:15:00 Hours
මැදපෙරදිග කලාපයේ යුදමය උණුසුම ඉහළ යමින් පවතින පසුබිමක, හෝමූස් සමුද්ර සන්ධිය හරහා දිවෙන මුහුදු පතුලේ අන්තර්ජාල කේබල් ඉලක්ක කරගත හැකි බවට ඉරානය අනතුරු අඟවා තිබෙනවා.
ඉරාන පුවත් ඒජන්සියක් වන ෆාර්ස් (Fars) මේ බව වාර්තා කර ඇත්තේ ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකායේ (IRGC) නියෝජිතයෙකුගේ ප්රකාශයක් උපුටා දක්වමින්.
ඉදිරියේදී යළිත් යුදමය ගැටුමක් ඇතිවීමේ හැකියාව ප්රතික්ෂේප නොකරන බවත්, එවැනි තත්ත්වයක් ඇති වුවහොත් පෙරට වඩා දැඩි ප්රතිචාරයක් දක්වන බවත් එම නියෝජිතයා ප්රකාශ කර තිබෙනවා.
එවැනි ගැටුමකදී එක්සත් ජනපදයට බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුවනු ඇති අතර, ලෝකය ද දැඩි බලශක්ති අර්බුදයකට මුහුණදිය හැකි බවයි ඔහු අනතුරු අඟවා ඇත්තේ.
අනාගත ගැටුමකදී විවිධ අවි පද්ධති භාවිත කරමින් නව ඉලක්ක වෙත ප්රහාර එල්ල කිරීමට ඉරානයට හැකියාව ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.
හෝමූස් සමුද්ර සන්ධිය හරහා ප්රධාන මුහුදු පතුලේ කේබල් හතක් දිවෙන බවත්, ගෝලීය අන්තර්ජාල සම්බන්ධතා සහ වාණිජ දත්ත හුවමාරුව සඳහා ඒවා වැදගත් වන බවත් එම නියෝජිතයා පෙන්වා දී ඇත.
එම කේබල් ඉලක්ක කරගැනීමේ හැකියාව පිළිබඳව ප්රතිවාදී පාර්ශ්වයට සිහිපත් කරන බවද ඔහු ප්රකාශ කර ඇති බව ෆාර්ස් පුවත් ඒජන්සිය වාර්තා කළා.
මෙම ප්රකාශයත් සමඟ මැදපෙරදිග යුදමය ආතතිය හමුවේ ගෝලීය බලශක්ති සැපයුම සහ ජාත්යන්තර සන්නිවේදන ජාලවල ආරක්ෂාව පිළිබඳ අවධානය යළිත් යොමුව තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk