2026-10-19 08:40:00 Hours
කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරියෙකු බව පොලීසිය පවසනවා.
මිගලෑව ප්රදේශයේදී වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකය සහ වනජීවී නිලධාරීන් එක්ව ඊයේ (18) පස්වරුවේ සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ සැකකරු සන්තකයේ තිබී විදේශයක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, බෙහෙත් කොටන තුවක්කුවක් සහ උණ්ඩ 24ක් සොයාගත් බවයි.
සැකකරු අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර, කාවන්තිස්ස ඇතා වෙඩි වැදී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ සඳහා නිලධාරීන් කණ්ඩායමක් උස්ගල, සියඹලාන්ගමුව ප්රදේශයට පිටත්ව ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා පරිසර අමාත්යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
පරිසර අමාත්ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ විමර්ශන සඳහා ආරක්ෂක අමාත්යාංශයේ සහායද ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.
සමාජ මාධ්ය ඔස්සේ දැඩි අවධානයක් දිනාගත් කාවන්තිස්ස, මෙරට ස්වභාවික පරිසරයේ හමුවූ විශාලතම හා උසම වන අලියෙකු ලෙස සැලකෙනවා.
පසුගිය සැප්තැම්බර් 23 වැනිදා ඇතාගේ ඉදිරිපස දකුණු පාදයට වෙඩි වැදී තිබූ අතර, පසුගිය සිකුරාදා ඔහු මියගොස් සිටියදී සොයාගනු ලැබුවේ මිගලෑව වනජීවී කාර්යාලයට අයත් උස්ගල, සියඹලාන්ගමුව යාය 03 ප්රදේශයේ වෙල්යායකදීයි.
මියගිය ඇතාගේ අවසන් කටයුතු පෙරේදා (17) පස්වරුවේ සිදුකෙරුණා.
කාවන්තිස්සගේ මරණයට හේතුව අනාවරණය කරගැනීම සඳහා දේහයේ කොටස් පේරාදෙණිය විශ්වවිද්යාලයේ විශේෂඥයන්ගෙන් සමන්විත කණ්ඩායමක් වෙත යොමුකර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk