2026-10-20 21:40:00 Hours

ට්‍රම්ප් පුටින් සහ ෂී ජින්පින් හමුවීමට තීන්දු කරයි


...

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වන බව වාර්තා වනවා.

ඒ, නොවැම්බර් 18 සහ 19 යන දිනවල චීනයේ පැවැත්වීමට නියමිත ආර්ථික සහයෝගිතා සමුළුවට සමගාමීවයි.

චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන එම සමුළුව අතරතුර රුසියානු ජනාධිපතිවරයා හමුවී න්‍යෂ්ටික අවි පාලනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම, ගෝලීය දේශපාලන අර්බුද සහ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් චීන සහ රුසියානු ජනාධිපතිවරුන් සමඟ සාකච්ඡා කිරීමට ද තමන් අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

මේ අතර, එම සමුළුවට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ද සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඔහු හමුවී පැරණි මිතුදම් අලුත් කර ගැනීමට ද තමන් බලාපොරොත්තු වන බව ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk