2026-10-19 11:02:00 Hours

තුන්කොන් තරඟාවලියේ පළමු තරඟයෙන් පාකිස්තානයට ලකුණු 37ක ජයක්


...

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවැති පළමු තරගය ලකුණු 37කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 49යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 305ක් රැස් කළා.

එහිදී සල්මාන් අගා ලකුණු 107ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් එෂාන් මාලිංග කඩුලු 4ක් බිඳ හෙළුවා.

ජයග්‍රහණය සඳහා ලකුණු 306ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 268ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පවන් රත්නායක ලකුණු 79ක් සහ ජනිත් ලියනගේ ලකුණු 60ක් රැස් කළා.

පාකිස්තානය වෙනුවෙන් ශහීන් ෂා අෆ්රිඩි කඩුලු 3ක් දවාගත්තා.

ඒ අනුව තරගයේ ජය පාකිස්තානයට හිමිවූ අතර, තරගයේ වීරයා ලෙස සල්මාන් අගා නම් කෙරුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk