2026-10-20 20:02:00 Hours
දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු වේගවත් කර ඇති බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසනවා.
ගෑස් මෙට්රික් ටොන් 3,900ක් රැගත් FRANCOIS නෞකාව පෙරේදා දිවයිනට පැමිණ ඇති අතර, එහි ගෑස් තොග ගොඩබෑමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙන බවයි සමාගම සඳහන් කළේ.
මේ අතර, ගෑස් මෙට්රික් ටොන් 3,900ක් රැගත් සිව්වැනි නෞකාව වන CORINTHIAN නෞකාව ඔක්තෝබර් 22 වැනිදා මෙරටට ළඟාවීමට නියමිතයි.
මෙම ගෑස් තොග ලැබීමත් සමඟ දිවයින පුරා ගෑස් සැපයුම ස්ථාවර කරමින්, හිඟයකින් තොරව වෙළෙඳපොළට ගෑස් බෙදාහැරීම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වනු ඇති බව ද ලිට්රෝ ගෑස් සමාගම වැඩිදුරටත් සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk