2026-10-20 09:07:00 Hours

රටේ වත්මන් තත්ත්වය ගැන අද පාර්ලිමේන්තු විවාදයක්


...

පාර්ලිමේන්තුව අද (20) සිට ලබන සිකුරාදා (23) දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසනවා.

ඒ අනුව, අද දිනයේදී රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂය ඉදිරිපත් කරන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළා.

මේ අතර, ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ගැටලු පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළා.

හෙට (21) දිනයේදී රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනාවක් සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතයි.

එමෙන්ම, බ්‍රහස්පතින්දා (22) විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත් දෙකේ දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සිකුරාදා (23) ජලභීතිකා රෝගය තුරන් කිරීමේ අරමුණින් සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බවද පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk