2026-10-17 10:06 Hours
කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියට අයත් මෝටර් රථයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්ය අපරාධ විමර්ශන ඒකකය භාරයට ගෙන තිබෙනවා.
ඒ, මාතර සමුපකාර සංගමයේ රුපියල් කෝටි 1,000කට අධික මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකු විසින් අදාළ මෝටර් රථයේ ලීසිං වාරික ගෙවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවයි.
අදාළ මෝටර් රථය මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට වරුණි බෝගහවත්ත මහත්මිය අපොහොසත් වී ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk