2026-10-20 08:54:00 Hours

ලක්විජය බලාගාරය අක්‍රිය වීම නිසා අදත් පැයක විදුලි කප්පාදුවක්


...

නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රියව පැවතීම හේතුවෙන් අද (20) දිනයේත් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම කළ ඉල්ලීමකට අනුව ඒ සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම ඊයේ (19) සඳහන් කළා.

ඒ අනුව, අද පස්වරු 4.30 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ දිවයින කලාප හතරකට බෙදා විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, රෝහල් සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ස්ථාන ආශ්‍රිතව විදුලි සැපයුම විසන්ධි නොකරන බව සඳහන්.

පසුගිය සෙනසුරාදා දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වී තිබෙනවා.

විදුලි සැපයුම කළමනාකරණය කිරීමේ අරමුණින් දෛනිකව පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම තීරණය කළේ ඒ අනුවයි.

ඒ අනුව, අද මෙන්ම හෙට (21) දිනයේද විදුලි කප්පාදුව සිදුකිරීමට සිදුවන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර මහතා සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk