2026-10-18 07:41:00 Hours

සිනමාහලකින් ගිනිඅවි සහ ජීව පතොරොම් තොගයක් සොයාගනී


...

ගිනිඅවි, ජීව පතොරොම් සහ ජීව අත්බෝම්බ තොගයක් සමඟ සැකකරුවෙකු කිරිඳිවැල ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (17) සවස කිරිඳිවැල පොලිස් වසමේ හංවැල්ල පාර ප්‍රදේශයේ සිනමාහලක් පරීක්ෂා කිරීමේදී මෙම අවි සහ පතොරම් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මිල්ලතේ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

පොලිස් භාරයට ගත් දෑ අතර විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල දෙකක්, රිවෝල්වරයක්, රිපීටර් අවියක් සහ බෝර 12 ගිනි අවියක් ද වනවා.

එමෙන්ම, බෝර 12 ජීව පතොරම් 398ක්, බෝර 16 ජීව පතොරම් 278ක්, පොයින්ට් 32 වර්ගයේ ගිනිඅවි සඳහා යොදන ජීව පතොරම් 3,132ක් සහ ජීව අත්බෝම්බ දෙකක් ද සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk