2026-10-20 11:44:00 Hours

පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවයි


...

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට බලය හිමි මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා විසින් ඊයේ (19) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ අත්හිටුවීම සිදුකර ඇති අතර, ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇත.

ප්‍රාදේශීය සභාව මගින් ජනතාවට ඉටුවිය යුතු සේවාවන් නිසි පරිදි ඉටු නොකිරීම සහ දිට්වා ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා වෙන්කර තිබූ ප්‍රතිපාදන නිසි ලෙස භාවිත නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ආණ්ඩුකාරවරයා සඳහන් කර ඇත්තේ.

මේ අතර, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සභිකයින් ප්‍රාදේශීය සභා පනත යටතේ වරදක් සිදුකර තිබේද යන්න පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ නිලධාරී නිහාල් සුනිල් රාජපක්ෂ මහතා පත්කර තිබෙනවා.

එමෙන්ම, ප්‍රාදේශීය සභාවේ බලතල ක්‍රියාත්මක කිරීම සහ කාර්යයන් ඉටුකිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස්වරයා ද පත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk