2026-10-16 15:03:00 Hours
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටි භික්ෂූන් වහන්සේලා අද (16) බුද්ධශාසන අමාත්යාංශය වෙත වැඩම කර තිබෙනවා.
එහිදී අමාත්යාංශය මගින් සාකච්ඡාවක් ලබාදී ඇති අතර, ඒ සඳහා භික්ෂූන් වහන්සේලා සිව්නමක් සහභාගී වී ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, අද රාත්රියේදීත් එම ස්ථානයේ රැඳී සිටින බවයි විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා ප්රකාශ කර ඇත්තේ.
මේ අතර, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් නිකුත් කිරීමත් සමඟ, ගාලු පාර ආසන්නයේ ඉදිකර තිබූ තාවකාලික අට්ටාල ඉවත් කිරීමට ද සත්යග්රහයේ නිරත පිරිස් පියවර ගෙන තිබුණා.
පොලිසිය කළ ඉල්ලීමකට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණේ, අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලමින්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk