2026-10-30 14:56:00 Hours
ඇමරිකානු ඩ්රෝන යානයක් බිම හෙළීම සහ නෞකා ගමනාගමන නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් හේතුවෙන් ගල්ෆ් කලාපයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මධ්යයේ ඒකාබද්ධ නාවික මුර සංචාර වැඩි කිරීමට මිත්ර රටවල් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, විශේෂයෙන්ම හෝමූස් සමුද්ර සන්ධිය සහ රතු මුහුද ආශ්රිත මුහුදු තීරයේ ආරක්ෂක මුර සංචාර දැඩි කර ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
එක්සත් ජනපදය ප්රමුඛ බටහිර මිත්ර රටවල ඒකාබද්ධ නාවික බලඇණි (Combined Maritime Forces) මෙම මෙහෙයුම්වලට එක්ව සිටින අතර, ජාත්යන්තර මුහුදු මාර්ගවල ආරක්ෂාව සහ නෞකා ගමනාගමනයේ නිදහස තහවුරු කිරීම එහි අරමුණ බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk