2026-10-30 13:46:00 Hours

ලක්ෂ 14කට අස්වැසුම ඉවත් කර නැහැ - අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ


...

අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සුදුසුකම් නොලැබූ අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබෙනවා.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කළේ අස්වැසුම ප්‍රතිලාභ සඳහා ඉදිරිපත් කළ අයදුම්පත් අතරින් 1,391,830ක් ප්‍රතිලාභ ලබාගැනීමට සුදුසුකම් නොලබන බවයි.

ඒ අනුව, සුබසාධක ප්‍රතිලාභ පනතේ 11 වැනි වගන්තිය යටතේ අදාළ අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකියි.

ඒ සඳහා ඔක්තෝබර් 29 වැනිදා සිට නොවැම්බර් 11 වැනිදා දක්වා කාලය ලබාදී තිබෙනවා.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ තමන්ට හිමිවී ඇති ප්‍රතිලාභ කාණ්ඩය පිළිබඳව සෑහීමකට පත් නොවන සුදුසුකම්ලාභීන්ට ද මෙම කාලසීමාව තුළ අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන බවයි.

මේ අතර අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 14ක් ඉවත් කර ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසනවා.

News1st වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අස්වැසුම ප්‍රතිලාභීන් සමාලෝචනය කිරීමෙන් අනතුරුව යාවත්කාලීන කළ ප්‍රතිලාභී නාමලේඛනයක් මේ වනවිට නිකුත් කර ඇති බවයි.

එම යාවත්කාලීන නාමලේඛනයට අනුව ප්‍රතිලාභීන්ට අස්වැසුම දීමනා ගෙවීම ලබන දෙසැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk