2026-10-30 08:24:00 Hours

විශ්වවිද්‍යාල ආචාර්යවරු අද එක්දින වැඩවර්ජනයක


...

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (30) දිනයේ එක්දින වැඩවර්ජනයක නිරත වීමට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.

එම සම්මේලනයේ ප්‍රධාන ලේකම්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ දිවයිනේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන බවයි.

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන්ගේ හිඟය, කාර්ය මණ්ඩලය මත පැටවී ඇති අධික වැඩබර සහ ප්‍රමාණවත් භෞතික පහසුකම් නොමැතිවීම ඇතුළු ගැටලු කිහිපයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතු වී තිබෙනවා.

වැඩවර්ජනයට සමගාමීව හෙට (31) දිනයේ පා ගමනක් පැවැත්වීමට ද විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සැලසුම් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දී සිටින අභියෝග පිළිබඳ මහජන අවධානය යොමු කිරීම මෙම ක්‍රියාමාර්ගවල අරමුණ බව ද චාරුදත්ත ඉලංගසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk