2026-10-30 14:24:00 Hours

වලාන දුෂණ ඒකකයෙන් DMT එකට පනී


...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ සම්පූර්ණ දත්ත ලබාගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා වලාන දූෂණ මර්දන ඒකකය ඇතුළු විමර්ශකයින් කණ්ඩායමක් එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

අදාළ විමර්ශන කටයුතු සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ මහාචාර්යවරුන්, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) නිලධාරීන්, ගව්ටෙක් ශ්‍රී ලංකා සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනවල විශේෂඥයින් ද එක්ව සිටින බව සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk