2026-10-28 21:31:00 Hours
ස්පාඤ්ඤයේ ටොලිඩෝ ප්රදේශයේදී අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මියගිය පුද්ගලයින් සංඛ්යාව 64 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එරට බලධාරීන් තහවුරු කර ඇත්තේ අනතුරෙන් තවත් පුද්ගලයින් 80කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
මැඩ්රිඩ් සිට සෙවිල් දක්වා එකම දිශාවට ගමන් කරමින් තිබූ දුම්රිය දෙකක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. එක් දුම්රියක් මාර්ගයේ නතර කර තිබියදී, අධික වේගයෙන් පැමිණි අනෙක් දුම්රිය එහි පිටුපස කොටසේ ගැටී ඇති බව සඳහන්.
අනතුර හේතුවෙන් නතර කර තිබූ දුම්රියේ මැදිරි දෙකක් පීලි පැනීමට ලක්ව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ එක් දුම්රියක මගීන් 397 දෙනෙකු සහ අනෙක් දුම්රියේ මගීන් 147 දෙනෙකු ගමන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
අනතුර සිදුවූ ස්ථානයේ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්රියාත්මකයි. වෛද්ය හෙලිකොප්ටර් යානා, ගිලන්රථ, හමුදා හදිසි ප්රතිචාර කණ්ඩායම්, ගිනි නිවන භටයින් සහ පොලිසිය ඒ සඳහා එක්ව සිටිනවා.
සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ කටයුතු ද සිදුකෙරෙන අතර, තුවාල ලැබූවන් ප්රදේශයේ රෝහල් වෙත යොමු කර තිබෙනවා. ඊට අමතරව, උර්ඩා නගරයේ ක්රීඩා මණ්ඩපයක් ද තුවාලකරුවන්ට ප්රතිකාර කිරීම සඳහා සූදානම් කර ඇති බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk