2026-10-29 07:25:00 Hours
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මගින් අත්තනෝමතික රඳවා තබාගැනීම්, වධහිංසා සහ වෙනත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුවීමේ අවදානමක් පවතින බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ, ප්රමාණවත් අධිකරණ අධීක්ෂණයකින් තොරව හෝ අපරාධයකට සම්බන්ධ බවට සාක්ෂි නොමැතිව පුද්ගලයන් දිගු කාලයක් රඳවා තබාගැනීමට මෙම පනත් කෙටුම්පත මගින් ඉඩ සැලසිය හැකි බවයි.
පොලිසිය විසින් ලබාගන්නා පාපොච්චාරණ මත පදනම්ව දඬුවම් නියම කිරීමට ඉඩදීම, වධහිංසා පැමිණවීම් දිරිගැන්වීමට හේතු විය හැකි බව හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කලාපීය අධ්යක්ෂ එලෙන් පියර්සන් ප්රකාශ කර තිබෙනවා.
මෙම පනත් කෙටුම්පත දැනට පවතින ආකාරයෙන් සම්මත වුවහොත්, මීට පෙර ක්රියාත්මක වූ සමාන දැඩි නීති හේතුවෙන් සිදුවූ ආකාරයේ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් යළිත් සිදුවීමේ අවදානමක් පවතින බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk