2026-10-29 21:48:00 Hours

ඉෂාරට පහර දුන්නේ නැහැ කියන එක බැහැර කරන්න බැහැ - පොලීසිය


...

හෝමාගම පොලිස් භාරයේ සිටියදී පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය පහරදීමක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට විශ්වාස කරන නමුත්, ඒ සම්බන්ධයෙන් නිශ්චිතව ප්‍රකාශ කළ හැක්කේ වෛද්‍ය වාර්තාවේ කරුණු අනුව බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (29) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මියගිය පුද්ගලයාගේ ඉළ ඇට තුනක් බිඳී ඇති බවත්, මොළයේ රුධිර වහනයක් සිදුව ඇති බවත් අදාළ වෛද්‍ය වාර්තාවේ සඳහන් වන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.

එමෙන්ම, මෙතෙක් අනාවරණය වී ඇති තොරතුරු අනුව මියගිය පුද්ගලයාගේ හිසට ද තුවාල සිදුව තිබෙනවා.

අදාළ පුද්ගලයා සිරමැදිරියට රැගෙන ඒමට පෙර යම් කාලයක් පොලිස් අපරාධ අංශයේ රඳවාගෙන සිට ඇති බවත්, එම කාලසීමාව තුළ ඔහුට පහරදීමක් සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, එම පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු තහවුරු වී නොමැති අතර, සිද්ධිය පිළිබඳ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

මරණයට හේතුව සහ ඊට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එළඹීම සඳහා වෛද්‍ය වාර්තාව ඇතුළු විමර්ශනවල ප්‍රතිඵල වැදගත් වන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk