2026-10-28 09:42:00 Hours
ඉන්දියාවේ ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය හරහා ‘ඔර්නබ්’ ඉතා ප්රබල සුළි කුණාටුව ගොඩබිමට ඇතුළු වෙමින් පවතින බැවින්, එම පද්ධතියෙන් ශ්රී ලංකාවේ කාලගුණයට ඇති බලපෑම ක්රමයෙන් අඩුවී ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්රික්කවලත් අද පස්වරු 1න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.
මේ අතර, මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමා යා හැකි බවයි කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ද දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk