2026-10-30 11:55:00 Hours

කොබෙයිගනේ පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්


...

පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු නිකවැරටිය රෝහලේදී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලිසියේ සැරයන්වරුන් දෙදෙනෙකුගේ සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ රාජකාරි පැහැර හැරීමේ චෝදනාව මත මෙම වැඩ තහනම සිදුකර ඇති බවයි.

කොබෙයිගනේ, බැද්දේගම ප්‍රදේශයේ සිදුවූ සොරකම් කිහිපයකට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු ගම්වාසීන් විසින් අල්ලා කොබෙයිගනේ පොලිසියට භාරදී තිබුණා.

පසුව පොලිස් භාරයේ සිටි එම සැකකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව පසුගිය 27 වැනිදා නිකවැරටිය රෝහලේදී මියගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk