2026-10-31 18:17:00 Hours
කඩවත මහකඩේ හන්දිය ප්රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් 16 හැවිරිදි බාලවයස්කරුවෙකු තුවාල ලබා තිබෙනවා.
අද (31) පස්වරුවේ මහකඩේ හන්දිය ප්රදේශයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයෙන් ධාවනය වූ ත්රිරෝද රථයකට නවත්වන ලෙසට අණ කර ඇති බව සඳහන්.
එහෙත් එම අණ නොතකා ත්රිරෝද රථය ධාවනය කර ඇති අතර, එහිදී පොලිසිය වෙඩි තැබීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි වැදීමෙන් ත්රිරෝද රථයේ ගමන් කළ 16 හැවිරිදි බාලවයස්කරුවෙකුගේ පිටුපස ප්රදේශයට වෙඩි ප්රහාර දෙකක් එල්ල වී තිබෙනවා.
බරපතළ තුවාල ලැබූ ඔහු ප්රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk