2026-10-30 21:07:00 Hours
ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ සහ ප්රතිත්රස්ත පනතේ පැවති අඩුපාඩු රැසක් යෝජිත ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතෙහි ද අන්තර්ගත බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
එම කාර්යාලය මේ බව සඳහන් කර ඇත්තේ යෝජිත පනත් කෙටුම්පත සංශෝධනය විය යුතු ආකාරය පිළිබඳ නිර්දේශ 9ක් ද ඉදිරිපත් කරමින්.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්යවරයා විසින් අදාළ පනත් කෙටුම්පත පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කරන්නේ, යෝජිත පනත් කෙටුම්පත අත්තනෝමතික ක්රියා සහ වෙනස්කම් වැළැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ නීතිමය ප්රතිපත්තිවලට අනුකූලව සකස් කළ යුතු බවයි.
එමෙන්ම, පනත් කෙටුම්පත බලාත්මක කිරීමට පෙර ඒ පිළිබඳ පරිපූර්ණ සමාලෝචනයක් සිදුකරන ලෙස ද එම කාර්යාලය රජයෙන් ඉල්ලා සිටිනවා.
ඒ සඳහා ස්වාධීන ආයතන, සිවිල් සංවිධාන සහ නීති විශාරදයින්ගේ අදහස් ලබාගත යුතු බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ඒ අනුව එමගින් යෝජිත පනත් කොටුම්පත සංශෝධනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ 9ක්ද එම කාර්යාලය නිකුත් කර තිබෙනවා.
01. ත්රස්තවාදයට අදාළ වැරදි සඳහා ලබා දී ඇති නිර්වචන නිශ්චිත සහ පැහැදිලි ආකාරයෙන් ඉදිරිපත් කිරීම, අදහස් ප්රකාශ කිරීම සහ සිවිල් ක්රියාකාරකම් සඳහා වූ අයිතීන් අපරාධ ක්රියා බවට පත් කළ හැකි වගන්ති කැපීපෙනෙන ලෙස සංශෝධනය කිරීම හෝ ඉවත් කිරීම
02. සෑම අත්අඩංගුවට ගැනීමක් හා රඳවා ගැනීමක් පමාවකින් තොරව ස්වාධීන සහ ක්රියාකාරී අධිකරණ අධීක්ෂණයකට යටත් කිරීම
03. වධහිංසා, පීඩා, අත්තනෝමතික රඳවා ගැනීම් සහ බලහත්කාර අතුරුදන් කිරීම්වලට එරෙහිව ආරක්ෂණ ශක්තිමත් කිරීම
04. නිසි ක්රියාවලින් සහ සාධාරණ නඩු විභාග සහතික කිරීම
05. ආගන්තුක පරීක්ෂා, ඇතුළු වීමේ සහ පවරාගැනීමේ බලතල සඳහා අධිකරණ වරෙන්තු නීතියක් බවට පත්කිරීම
06. සිවිල් පොලිසියක් සඳහා වූ ප්රමුඛත්වය සහතික කිරීම
07. ස්වාධීන අධීක්ෂණ, වගවීම් සහ පිළියම් සාධනීය ලෙස ස්ථාපිත කිරීම
08. මුක්තියට අදාළ වගන්ති නිශ්චිත ලෙස ඉදිරිපත් කිරීම
09. කෙටුම්පතට අදාළ ඉදිරි ක්රියාමාර්ගවලට පෙර අර්ථවත් මහජන අදහස් විමසීමක් සිදුකිරීම
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ ත්රස්තවාදී ක්රියා පිළිබඳ අර්ථ දැක්වීම සැබැවින්ම ත්රස්තවාදී ස්වභාවයක් සහිත සිතාමතා සිදුකරන ප්රචණ්ඩ ක්රියා ලෙස නිශ්චිතව දැක්විය යුතු බවයි.
පනත් කෙටුම්පත මගින් "රහස්ය තොරතුරු" ලෙස අර්ථ දක්වා ඇති කරුණු ජනමාධ්ය මූලාශ්ර සහ නීති වෘත්තියේ වරප්රසාද ආරක්ෂා කිරීම ඇතුළත්ව නිශ්චිතව අර්ථ දැක්විය යුතු බවත් එමගින් නිර්දේශ කෙරෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk