2026-10-30 16:16 Hours
ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්රමරත්න හෙවත් ‘හරක් කටා’ගේ බිරිඳගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනාට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය දුන් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම ගොනු කළ ප්රතිශෝධන පෙත්සම් ලබන පෙබරවාරි 09 වැනිදා විභාගයට කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
අදාළ පෙත්සම් කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, ඒ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන නොවැම්බර් 14 වැනිදාට පෙර ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කෙරුණා.
එම විරෝධතාවලට අදාළ ප්රතිවිරෝධතා ඇත්නම් ඒවා ලබන ජනවාරි 28 වැනිදාට පෙර ගොනු කරන ලෙස ද අල්ලස් කොමිසමට අධිකරණය නියම කළා.
ඒ අනුව, ප්රතිශෝධන පෙත්සම් විභාගය සඳහා ලබන පෙබරවාරි 09 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk