2026-10-31 10:35:00 Hours
දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණ අනාවැකි පළවී තිබියදීත්, ඉන් සිදුවූ හානි අවම කිරීමට පියවර නොගැනීම තුළින් රජය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමට අදාළ ප්රතිවිරෝධතා පෙබරවාරි 12 වැනිදාට පෙර ගොනු කරන ලෙස ශ්රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.
මහනුවර ප්රදේශයේ පදිංචි නීතිඥ කීර්ති බණ්ඩාර කිරිදෙන මහතා විසින් ගොනු කර තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (30) කැඳවනු ලැබුවේ අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන, අර්ජුන ඔබේසේකර සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
එහිදී රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ අදාළ නඩුකරය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මූලික විරෝධතා ගොනු කර ඇති බවයි.
ඒ අනුව, එම මූලික විරෝධතාවලට ප්රතිවිරෝධතා ඇත්නම් ඒවා පෙබරවාරි 12 වැනිදාට පෙර ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට විනිසුරු මඩුල්ල නියම කළා.
ජනාධිපතිවරයා ඇතුළු අමාත්ය මණ්ඩල සාමාජිකයින්, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මහවැලි අධිකාරියේ නිලධාරීන් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk