2026-10-31 20:33:00 Hours
නොවැම්බර් මාසය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලියන 3ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකියාව පවතින බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
එහි විකුණුම්, අලෙවි සහ ආයතනික සබඳතා අධ්යක්ෂ ජනක පතිරත්න මහතා සඳහන් කළේ, වාණිජ පාරිභෝගිකයන්ට අවශ්ය ගෑස් ද ඇතුළුව වෙළෙඳපොළේ සමස්ත ඉල්ලුම සපුරාලීමට අවශ්ය සැපයුම් සූදානම් කර ඇති බවයි.
සාමාන්යයෙන් මාසිකව ලිට්රෝ ගෑස් සමාගමට මෙට්රික් ටොන් 32,000ක් සහ තරගකාරී සමාගමට මෙට්රික් ටොන් 6,000ක් වශයෙන් සමස්ත ගෑස් අවශ්යතාව මෙට්රික් ටොන් 38,000ක් පමණ වනවා.
කෙසේ වෙතත්, වර්තමාන ඉල්ලුම සැලකිල්ලට ගනිමින් නොවැම්බර් මාසය සඳහා මෙට්රික් ටොන් 44,000ක ගෑස් තොගයක් ජියෝ ගෑස් ආයතනය හරහා ඇණවුම් කර තහවුරු කර ඇති බවයි ජනක පතිරත්න මහතා සඳහන් කළේ.
මේ අතර, ගෑස් මෙට්රික් ටොන් 3,900ක් රැගත් 'Goodwill' නෞකාවේ ගොඩබෑමේ කටයුතු මේ වනවිට සිදු කෙරෙනවා.
තවත් ගෑස් මෙට්රික් ටොන් 3,900ක් රැගත් 'Quarantine' නෞකාව හෙට (01) දිවයිනට ළඟාවීමට නියමිත බව ද ඔහු ප්රකාශ කළා.
ඒ අනුව අද (31) පස්වරුව වනවිට කොළඹ ප්රදේශයේ ගෑස් බෙදාහැරීම සාමාන්ය පරිදි සිදුකිරීමට හැකි වන අතර, හෙට (01) සිට දිවයිනේ සෙසු ප්රදේශවල ද බෙදාහැරීම් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව ලිට්රෝ ගෑස් සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.
''සාමාන්යයෙන් මසකට ලිට්රෝ ගෑස් මෙට්රික් ටොන් 32,000ක් පමණ අවශ්ය වෙනවා. තරගකාරී සමාගමට මෙට්රික් ටොන් 6,000ක් පමණ අවශ්ය වෙනවා. සමස්ත අවශ්යතාව මෙට්රික් ටොන් 38,000ක් පමණ වනවා. වර්තමාන ගෑස් අවශ්යතාව සැලකිල්ලට ගෙන, නොවැම්බර් මාසය සඳහා මෙට්රික් ටොන් 44,000ක් ජියෝ ගෑස් ආයතනය මගින් ඇණවුම් කර, එම ඇණවුම් තහවුරු කර තිබෙන බව සඳහන් කළ යුතුයි.
නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලියන 3ක් වෙළඳපොළට නිකුත් කිරීමට ලිට්රෝ ගෑස් ආයතනයට හැකියාව තියෙනවා.
ඒ වගේම සියලුම වාණිජ පාරිභෝගිකයන් සඳහා අවශ්ය ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම මගින් සමස්ත ගෑස් අවශ්යතාව සපුරාලීමට ලිට්රෝ ගෑස් ආයතනයට හැකියාවක් ලැබෙනවා.
අද දින මෙට්රික් ටොන් 3,900ක් රැගත් ගුඩ්විල් නෞකාව මේ වන විට ගොඩබෑම් කටයුතු සිදු කරමින් පවතින අතර, තවත් මෙට්රික් ටොන් 3,900ක් රැගත් කොරන්ටයින් නෞකාව නොවැම්බර් මස 1 වැනි දින දිවයිනට ළඟා වීමට නියමිතයි.
එමගින් අද හවස වන විට කොළඹ ප්රදේශය සඳහා සාමාන්ය ලෙස ගෑස් බෙදාහැරීම සිදු වන අතර, අනෙකුත් ප්රදේශ සඳහා හෙට දිනයේදී ගෑස් බෙදාහැරීම සාමාන්ය පරිදි සිදු කිරීමට හැකියාවක් ලැබේ.''
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk