2026-09-28 14:21:00 Hours
රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ගේ ලකුණු අඩු කිරීමේ ක්‍රමවේදයේ සයමස් නියමු ව්‍යාපෘතිය ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
ප්‍රවාහන අමාත්‍යාංශයේ අද (28) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, ලබන වසරේ මාර්තු 31 වැනිදා දක්වා එම නියමු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙරට මාර්ගවල සිදුවන රිය අනතුරු අවම කිරීමේ අරමුණින් රියදුරන්ගේ ලකුණු අඩු කිරීමේ “DEMERIT SYSTEM” ක්‍රමවේදය හඳුන්වාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, වසර දෙකක කාලයක් සඳහා රියදුරන්ට නිශ්චිත ලකුණු සීමාවක් ලබාදී, ඔවුන් විසින් සිදුකරන රථවාහන නීති උල්ලංඝනය කිරීම් අනුව එම ලකුණු අඩු කිරීමට නියමිතයි.
මේ අතර, රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවීමට දැනට හඳුන්වාදී ඇති මාර්ගගත ක්‍රමවේද තවදුරටත් පුළුල් කරමින් ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk