2026-09-28 08:50:00 Hours

ඇමති විජිත අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි


...

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිවාරය අද (28) අමතීමට නියමිතයි.

මහා මණ්ඩලයේ ඉහළ පෙළේ සතිය සඳහා අමාත්‍යවරයා පසුගිය 26 වැනිදා නිව්යෝර්ක් බලා පිටත්ව ගියා.

මෙවර මහා මණ්ඩල සැසිවාරයේ තේමාව වී ඇත්තේ “විශ්වාසය යළි ගොඩනැගීම, පරිවර්තනය කළමනාකරණය කිරීම සහ සියලු දෙනා වෙනුවෙන් ප්‍රතිඵල ලබාදෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්” යන්නයි.

එහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතා මෙන්ම ගෝලීය අභියෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයා බලාපොරොත්තු වනවා.

මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද අමාත්‍යවරයා නියමිතයි.

ගෝලීය විශ්වාසය යළි ගොඩනැගීම, බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ තාක්ෂණික, දේශගුණික හා භූදේශපාලනික පරිවර්තනවලට එක්සත් ජාතීන්ගේ සංවිධානය වඩාත් ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම මෙවර සැසිවාරයේදී අවධානයට ලක්වීමට නියමිත කරුණු අතර වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk