2026-09-28 16:35 Hours
ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවක සිව්වන විත්තිකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කර ඇති බව වාර්තා වනවා.
ප්‍රකට ඉන්දීය දේපළ සංවර්ධන සමාගමක් වන ‘ක්‍රිෂ්’ ආයතනය සම්බන්ධ මූල්‍ය අක්‍රමිකතා සහ අල්ලස් ලබාගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබෙනවා.
අදාළ විමර්ශන සහ අධිකරණ කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතින අතර, අල්ලස් කොමිසම විසින් මීට පෙර අධිකරණයෙන් ලබාගත් අවසරයකට අනුව බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක්ද සටහන් කරගෙන ඇත.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk