2026-09-23 12:23:00 Hours
චෙස්ටර්-ලී-ස්ට්‍රීට් හි පැවති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 89ක ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 48යි පන්දු 1කදී සියලුදෙනා දැවී ලකුණු 265ක් රැස් කළා. හැරී බෘක් ලකුණු 67ක් සහ විල් ජැක්ස් ලකුණු 46ක් රැස් කළ අතර, සචින්දු කොළඹගේ කඩුලු 3ක් දවාගත්තා.
ලකුණු 266ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 176ක් පමණයි.
දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 45ක් රැස් කළ අතර, එංගලන්තය වෙනුවෙන් විල් ජැක්ස් කඩුලු 5ක් දවාගත්තා.
ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ 1-0ක් ලෙස එංගලන්තය පෙරමුණ ගෙන සිටිනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk