2026-09-28 13:50:00 Hours
අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක අද (28) නියෝග කළා.
ඒ, සිය දරුවාට නඩත්තු මුදල් ගෙවන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක විසින් ගොනුකර ඇති පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදී චාමික කරුණාරත්න අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.
චාමික කරුණාරත්න මේ වනවිට ජපානයේ පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිටිනවා.
කෙසේ වෙතත්, එම හේතුව මත නඩුවට සහභාගි වීමට නොහැකි බවට අධිකරණයට නිසි ලෙස දැනුම් දී නොතිබීම හේතුවෙන් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබෙනවා.
නඩුව ලබන ජනවාරි 4 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk