2026-09-28 08:16:00 Hours

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ ජය එංගලන්තයට


...

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2ට 1ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (27) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවති තුන්වැනි සහ අවසන් එක්දින තරගය ලකුණු 223කින් ජයගැනීමත් සමඟයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 355ක් රැස් කළා.

එම දැවැන්ත ලකුණු සංඛ්‍යාව හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 29යි පන්දු 1ක් තුළ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 132ක් පමණයි.

ඒ අනුව තෙවැනි එක්දින තරගය ලකුණු 223කින් ජයගත් එංගලන්තය, තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2ට 1ක් ලෙස ජයගත්තා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk