2026-09-27 10:26:00 Hours

තිලීපන් සැමරුම් ස්මාරකය පොලීසියෙන් ඉවත් කරයි


...

යාපනය නල්ලූර් ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික තිලීපන්ගේ සැමරුම් ස්මාරකයක් පොලීසිය විසින් එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා.

තිලීපන්ගේ සැමරුම් උත්සවය ඊයේ (26) එම ස්ථානයේදී පවත්වා තිබුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන් චෝදනා කර ඇත්තේ, පූර්ව දැනුම්දීමකින් තොරව පොලිස් නිලධාරීන් 15 දෙනෙකුට වැඩි පිරිසක් එම ස්ථානයට පැමිණ ඇති බවයි.

ඔවුන් පාවහන් පැළඳ එම පරිශ්‍රයට ඇතුළු වී ස්මාරකය බලහත්කාරයෙන් ඉවත් කළ බවටද ඔහු චෝදනා කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk