2026-09-25 10:34 Hours
ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටි ‘කාවන්තිස්ස’ නමැති ඇතාට කඩිනම් පශු වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කර තිබෙනවා.
නිකවැරටිය පශු වෛද්‍ය පුබුදු මහත්මිය ප්‍රමුඛ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඊයේ (24) උදෑසන සිට උස්ගල සියඹලාන්ගමුව වැව ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි මෙම ප්‍රතිකාර ආරම්භ කර ඇත්තේ.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ මැදිහත්වීමෙන්, පශු වෛද්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ගංගා මහත්මියගේ උපදෙස් මත ප්‍රතිකාර කටයුතු සිදුකරන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරනවා.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්, වනජීවි නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම්ද මෙම කටයුතු සඳහා එක්ව සිටිනවා.
කාවන්තිස්ස ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පශු වෛද්‍ය කටයුතු අඛණ්ඩව සිදුකරන බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එමෙන්ම පශු වෛද්‍ය කණ්ඩායම් සහ වනජීවි නිලධාරීන් විසින් ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිරන්තර අධීක්ෂණයක්ද සිදුකරමින් පවතිනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk