2026-09-28 20:36:00 Hours

ආසියානු ක්‍රීඩා උළෙලේ දීත් රුමේෂ් ලක්මව රනින් බබලවයි


...

ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා.

ඒ, මීටර් 88.55ක දක්ෂතාවක් වාර්තා කරමින්.

ජපානයේ පැවැත්වෙන මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුමේෂ් තරංග සහ සුමේධ රණසිංහ එක්ව සිටියා.

වර්ෂාව හේතුවෙන් ක්‍රීඩකයින්ට ඉසව්ව අභියෝගයක් වී තිබුණා.

රුමේෂ් සිය පළමු උත්සාහයේදී මීටර් 73.53ක දක්ෂතාවක් වාර්තා කළ අතර, පළමු වට තුන අවසානයේ ඔහු පසුවුණේ තුන්වන ස්ථානයේයි.

තුන්වන වටය අවසානයේ ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනා පෙරමුණ ගෙන සිටියදී, සිය සිව්වන උත්සාහයේදී මීටර් 88.33ක දක්ෂතාවක් දක්වමින් රුමේෂ් පෙරමුණට පැමිණියා.

ඔහුගේ පස්වන උත්සාහය අසාර්ථක වූ අතර, හයවන උත්සාහයේදී මීටර් 88.55ක දක්ෂතාවක් වාර්තා කරමින් රන් පදක්කම තහවුරු කරගත්තා.

මෙය මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනාගත් පළමු රන් පදක්කමයි.

මෙම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනා දිනාගත් අතර, ශ්‍රී ලංකාවේ සුමේධ රණසිංහට හිමිවුණේ හයවන ස්ථානයයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk