2026-09-20 19:57:00 Hours
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම සඳහා වූ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (20) සමත් වුණා.
ඒ, විස්සයි20 ආකෘතියෙන් පැවති පළමු අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින්.
නිශ්ෂින්හි කොරෝගි ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 177ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 17යි පන්දු 5කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 181ක් රැස්කරමින් තරගයේ ජය තහවුරු කරගත්තා.
ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවරිය වූ නායිකා චමරි අතපත්තු පන්දු 50කදී නොදැවී ලකුණු 83ක් රැස් කළා. ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 7ක් ඇතුළත්.
චමරිට අනගි සහායක් ලබාදුන් හසිනි පෙරේරා පන්දු 26කදී ලකුණු 42ක් රැස් කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමඟින්.
ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56කදී ලකුණු 95ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.
මේ අතර, දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අද පැවැත්වීමට නියමිත අතර, එහි ජයග්‍රාහක කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ රන් පදක්කම සඳහා තරග වැදීමට නියමිතයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk