2026-09-22 17:19:00 Hours
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (22) සමත් වුණා.
ඒ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 147කින් පරාජයට පත් කරමින්.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 216ක් රැස් කළා.
එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 4කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 69ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කමෙන් සෑහීමට සිදුවුණා.
මේ අතර, කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම පාකිස්තාන කණ්ඩායමට හිමිවූ අතර, ඔවුන් අද පැවති තරගයේදී බංග්ලාදේශය ලකුණු 31කින් පරාජයට පත් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk