2026-09-27 21:48:00 Hours

ඇවන්ගාඩ් ගැන කෝප් කමිටුවෙන් අල්ලස් කොමිසමට සහ CIDයට පැමිණිලි


...

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ රක්නා ආරක්ෂක ලංකා සමාගම එක්ව සිදුකරමින් සිටි මුහුදු ආරක්ෂණ සේවය සඳහා ඇවන්ගාඩ් සමාගම එක්කර ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරන බව කෝප් කමිටුව පවසනවා.

කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේ, මුහුදු ආරක්ෂණ කටයුතු සඳහා ඇවන්ගාඩ් සමාගම එක්කර ගැනීම හේතුවෙන් රජයට විශාල මුදලක් අහිමි වී ඇති බවයි.

රක්නා ආරක්ෂක ලංකා සමාගමේ නිලධාරීන් පසුගියදා කෝප් කමිටුව හමුවට කැඳවා තිබූ අතර, එහිදී ඇවන්ගාඩ් සමාගම මුහුදු ආරක්ෂණ කටයුතු සඳහා එක්කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබෙනවා.

එම සමාගම එක්කර ගැනීම සඳහා ගිවිසුම්ගත වූයේ කුමන පාර්ශ්වයක අවශ්‍යතාව මතද යන්න පිළිබඳව කෝප් කමිටු සාමාජික දයාසිරි ජයසේකර මහතාද එහිදී විමසා තිබුණා.

ඒ අනුව ඇවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් පවතින සියලු ගිවිසුම් අවලංගු කිරීමට සහ එමගින් රජයට සිදුවූ බව කියන පාඩුව අයකර ගැනීමට ඇති හැකියාව පිළිබඳවද අවධානය යොමු කරන බව කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළා.

එමෙන්ම ඊට සහය ලබාදුන් සියලු පාර්ශ්වයන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk