2026-09-22 09:07:00 Hours
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වැනි මහා මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට පැමිණ තිබෙනවා.
ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති සේවය වන IRNA වාර්තා කළේ, ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි අමාත්‍යවරයා ඇතුළු පිරිස, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන නිත්‍ය නියෝජිතවරයා ඇතුළු නිලධාරීන් විසින් පිළිගනු ලැබූ බවයි.
නිව්යෝර්ක් බලා පැමිණෙන අතරතුර දෝහා නුවරට ගිය ඉරාන විදේශ අමාත්‍යවරයා, කටාර් රාජ්‍යයේ උසස් නිලධාරීන් හමුවී කලාපයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
මේ අතර, මහා මණ්ඩල සැසිය ඇමතීම සඳහා ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් ද අද (22) නිව්යෝර්ක් නුවරට පැමිණීමට නියමිතයි.
ඔහුගේ සංචාරය අතරතුර ලෝක නායකයින් සහ විදේශීය උසස් නිලධාරීන් රැසක් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk