2026-09-24 10:26:00 Hours
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා අමෙරිකාවට පැමිණි චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වොෂින්ටනය වෙත ළඟාවී තිබෙනවා.
විශේෂ ගුවන් යානයකින් අමෙරිකානු වේලාවෙන් ඊයේ (23) පස්වරුවේ වොෂින්ටනය ආසන්නයේ පිහිටි ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුර වෙත ඔහු පැමිණි බව සඳහන්.
ෂී ජින්පිං මහතා සමඟ චීන ජනාධිපති ආර්යාව පෙං ලීයුවාන්, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික ත්සායි ඡි සහ විදේශ අමාත්‍ය වං යී ඇතුළු පිරිසක්ද මෙම සංචාරයට එක්ව සිටිනවා.
ෂී ජින්පිං මහතා පිළිගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ආර්යාව වන මෙලනියා ට්‍රම්ප්ද ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියා.
මෙම සංචාරය දෙරට අතර සබඳතා තහවුරු කරගැනීම සඳහා සුවිශේෂී අවස්ථාවක් බව ට්‍රම්ප් මහතා ප්‍රකාශ කළ අතර, චීනය සහ අමෙරිකාව හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතු බව ෂී ජින්පිං මහතා අවධාරණය කළා.
දෙරට අතර තරගකාරීත්වයක් පැවතියද සහයෝගීතාව මූලික කරගනිමින් මතභේද නිසි ලෙස කළමනාකරණය කර සාමකාමී සහ ස්ථාවර සබඳතාවක් පවත්වාගෙන යා යුතු බවද චීන ජනාධිපතිවරයා සඳහන් කළා.
එමෙන්ම චීනය සහ අමෙරිකාව සාමකාමීව කටයුතු කිරීම සඳහා පවතින ඓතිහාසික පදනම වෙනස් වී නොමැති බවද ෂී ජින්පිං මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk