2026-09-24 18:08:00 Hours

ට්‍රම්ප්ට එරෙහිව අධිකරණ තීන්දුවක් - CNN ඇතුළු මාධ්‍ය තුනකට යළි ධවල මන්දිරයට ප්‍රවේශය


...

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය සතියේ ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කළ මාධ්‍ය ආයතන තුනට වහාම යළි ප්‍රවේශය ලබාදෙන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව CNN, MS NOW සහ Politico යන මාධ්‍ය ආයතනවලට දින 14ක කාලයක් සඳහා ධවල මන්දිර මාධ්‍ය ප්‍රවේශය යළි ලබාදිය යුතු බවයි කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණය නිකුත් කළ තාවකාලික නියෝගයේ සඳහන් වන්නේ.

අදාළ මාධ්‍ය ආයතන තුනේ වාර්තාකරුවන්ගේ ධවල මන්දිර මාධ්‍ය අවසරපත්‍ර අත්හිටුවීම සහ ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එම ආයතන අධිකරණය හමුවේ නීතිමය අභියෝගයක් ඉදිරිපත් කර තිබුණා.

ට්‍රම්ප් පරිපාලනය එම තහනම සාධාරණීකරණය කරමින් අදාළ මාධ්‍ය ආයතන අසත්‍ය තොරතුරු පළ කරන බවත්, ඒ හේතුවෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බවත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

කෙසේ වෙතත්, අධිකරණය එම කරුණු පිළිගෙන නොමැති අතර, මාධ්‍ය ආයතන තුනේ ප්‍රවේශය අත්හිටුවීමේදී ධවල මන්දිරය ප්‍රමාණවත් නීතිමය ක්‍රියාපටිපාටියක් අනුගමනය කර නොමැති බව පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව අදාළ මාධ්‍ය ආයතන තුනේ මාධ්‍යවේදීන්ට ධවල මන්දිරයට යළි ප්‍රවේශ වීමට අවස්ථාව හිමිවනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk