2026-09-04 21:34 Hours
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ, මේ මස 12 වැනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා රැලිය කඩාකප්පල් කිරීම මෙහි අරමුණ වී ඇති බවයි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට රට වටා ගොස් රැස්වීම් පැවැත්වීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට ද හිමි බව පිළිගත යුතු බව එක්සත් ජාතික පක්ෂය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
"එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කළ විශේෂ නිවේදනය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතික පක්ෂය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකී.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ ප්‍රධානත්වයෙන් මේ මස 12 වැනි දින අනුරාධපුර නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා රැලිය කඩාකප්පල් කිරීමට බව ඉතාම පැහැදිලිය.
ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) නායක අනුර කුමාර දිසානායක මහතාට රට වටා ගොස් රැස්වීම් පැවැත්වීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට ද තිබෙන බව පිළිගත යුතුය.
ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම උදුරා ගැනීම කුමන ශිෂ්ට සම්පන්න සමාජයක් කිසිලෙසකින්වත් අනුමත නොකරයි. විශේෂයෙන්ම නූතන Gen-Z පරපුර මෙවැනි ක්‍රියා දෙස බලන්නේ දැඩි පිළිකුලකිනි.
මාලිමා ආණ්ඩුවේ මෙවැනි ක්‍රියා මගින් දිනෙන් දින පිරිහෙන ජනතා සහය හමුවේ රජය වඩාත් අසරණ වීමක් පෙන්නුම් කරයි.
අත්අඩංගුවට ගැනීම් තුළින් ජනතා නායකයින්ට ඇති ප්‍රසාදය නැති කළ නොහැකි බව රජයට දැඩිව අවධාරණය කර සිටිමු."
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk