2026-09-25 20:05 Hours
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම අද (25) පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වුණා.
එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 158ක් හිමි වූ අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 63ක් පමණයි.
විපක්ෂය ඇතුළු සිවිල් සමාජ කණ්ඩායම්වල විරෝධතා මධ්‍යයේ මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනුණා.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් අභියෝග කරමින් පෙත්සම් රැසක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, ඊට සහාය පළ කරමින් අතරමැදි පෙත්සම්ද ඉදිරිපත් කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පසුගිය 22 වැනිදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
එහිදී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණා.
ඒ අනුව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය ඊයේ (24) සහ අද (25) පැවැත්වීමෙන් අනතුරුවයි ඡන්ද විමසීම සිදුකෙරුණේ.
අද රාත්‍රී 7.15ට පමණ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk