2026-09-22 12:30:00 Hours

ට්‍රම්ප් රාජ්‍ය අනුග්‍රහයෙන් නාලිකාවක් අරඹයි


...

රුසියාවේ සහ උතුරු කොරියාවේ ක්‍රියාත්මක රාජ්‍ය මාධ්‍ය ජාලයන්ට සමාන ආකාරයෙන්, අමෙරිකානු ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරයෙකුගේ නමින් නිල රාජ්‍ය මාධ්‍ය නාලිකාවක් ලෙස ‘Trump TV’ විකාශනය ආරම්භ කිරීමට ට්‍රම්ප් පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

පැය 24 පුරා ක්‍රියාත්මක මෙම ස්ට්‍රීමිං නාලිකාව ඔස්සේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශ සජීවීව විකාශය කිරීමට නියමිතයි.

ධවල මන්දිරය සඳහන් කරන්නේ, ට්‍රම්ප් පාලනාධිකාරියෙන් සෘජුවම ලබාදෙන වැදගත්ම පුවත් ජනතාව වෙත ලබාදීම මෙහි අරමුණ බවයි.

CNN, MS NOW සහ Politico යන ප්‍රමුඛ මාධ්‍ය ආයතන තුනට ධවල මන්දිර පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර දින තුනකට පසුව මෙම පියවර ගෙන තිබීමද විශේෂත්වයක්.

මේ අතර, එම තහනමට විරෝධය පළ කරමින් අමෙරිකාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකා පහක මාධ්‍යවේදීන්ගෙන් සමන්විත ‘Five-network TV pool’ කණ්ඩායම, ජනාධිපති ට්‍රම්ප්ගේ දෛනික පුවත් ආවරණයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවද වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk