2026-07-31 11:19 Hours

නව සම්මාන කාණ්ඩයට විරෝධය පා BTS ග්‍රැමී උළෙල වර්ජනය කරයි


...

ලෝක ප්‍රකට දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායම වන BTS, එළඹෙන 69 වැනි ග්‍රැමී සම්මාන උළෙල සඳහා කිසිදු ගීතයක් හෝ ඇල්බමයක් ඉදිරිපත් නොකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ග්‍රැමී සම්මාන සංවිධානය වන Recording Academy විසින් හඳුන්වා දී ඇති Best Asian Pop Music Performance නව සම්මාන කාණ්ඩයට විරෝධය පළ කරමින්.

BTS සාමාජිකයන් සිය නිල Instagram ගිණුම් හරහා ප්‍රකාශ කර ඇත්තේ, සංගීතය භාෂාව හෝ කලාපය අනුව වෙන් නොකර, එකම කලා මාධ්‍යයක් ලෙස ඇගයීමට ලක්විය යුතු බවයි.

මෙම නව සම්මාන කාණ්ඩය හඳුන්වා දී ඇත්තේ දකුණු කොරියාව, ජපානය, චීනය ඇතුළු ආසියානු රටවල පොප් සංගීතය වෙනුවෙන් වුවද, එය ආසියානු කලාකරුවන් බටහිර කලාකරුවන්ගෙන් වෙන් කර දැක්වීමක් බවට විචාරකයන් සහ රසිකයන් චෝදනා කර තිබෙනවා.

ඒ හේතුවෙන් BTS ගත් මෙම තීරණය ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk