2026-09-26 11:32 Hours
පොළොන්නරුව වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය තුළ සිදුවූ ගෑස් සිලින්ඩර පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ අද (26) අලුයම 4ට පමණ මෙම පිපිරීම සිදුව ඇති බවයි.
පිපිරීමෙන් තුවාල ලබා ඇත්තේ රෝහලේ මුළුතැන්ගෙයි සේවයේ නිරතව සිටි පිරිසක් වන අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයින් අතරින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
පිපිරීමෙන් රෝහල් ගොඩනැගිල්ලටද දැඩි අලාභහානි සිදුව තිබෙනවා.
කෙසේ වෙතත්, වකුගඩු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ට හෝ එහි සේවයේ නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අනතුරක් සිදුව නැහැ.
පිපිරීමෙන් අනතුරුව රෝහලේ නේවාසිකව සිටි රෝගීන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මැදිහත්වීමෙන් ආරක්ෂිතව රෝහලෙන් පිටතට රැගෙන ගොස් තිබෙනවා.
ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමටත්, වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කිරීමටත් පියවර ගෙන ඇති බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk