2026-09-25 08:26:00 Hours
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර ලීඩ්ස්හිදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 16ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 321ක් රැස් කළා.
ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ නායක කුසල් මෙන්ඩිස් පන්දු 100කදී ලකුණු 121ක් රැස් කිරීමට සමත් වුණා.
එය කුසල් මෙන්ඩිස්ගේ එක්දින ක්‍රිකට් දිවියේ 7වැනි ශතකය වන අතර, එංගලන්තයට එරෙහිව ඔහු රැස් කළ පළමු ශතකයද වනවා.
ඔහුගේ ඉනිම හයේ පහර 3කින් සහ හතරේ පහර 14කින් වර්ණවත් වුණා.
ලකුණු 322ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 305ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 16ක ජයක් හිමිකරගත්තා.
මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
දෙරට අතර පැවැති පළමු එක්දින තරගය එංගලන්තය ජයගෙන තිබුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk