2026-09-24 08:02:00 Hours
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අද (24) පැවැත්වීමට නියමිතයි.
අදාළ පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පෙරේදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් එය සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් අද සහ හෙට (25) විවාදය පැවැත්වෙන අතර, හෙට පස්වරුවේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතයි.
මේ අතර, පනත් කෙටුම්පත් දෙකට රාජ්‍ය පරිපාලන, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතියද හිමිව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතාගේ සභාපතීත්වයෙන් පැවති කාරක සභා රැස්වීමේදී අදාළ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් නීතිපතිවරයාද කරුණු පැහැදිලි කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk