2026-10-21 11:47:00 Hours

කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන සොයන විශේෂඥ කමිටුව අද රැස්වෙයි


...

වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත්කළ විශේෂඥ කමිටුව අද (21) පෙරවරුවේ පළමුවරට රැස්වීමට නියමිතයි.

පරිසර හා වනජීවි අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඒ.එච්. සරත් විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මහාචාර්ය ටී. සමින්ද ප්‍රනාන්දු, මහාචාර්ය ඒ.ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ.කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න යන මහත්වරුන් පත්කර තිබෙනවා.

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන වාර්තාව මාසයක් ඇතුළත ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk