2026-11-02 19:38:00 Hours
අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම සහ අලි - මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන ‘හස්ති සේනා’ මෙහෙයුම අද (02) වයඹ වනජීවී කලාපයේ ගල්කිරියාගම ප්‍රදේශයෙන් ආරම්භ කර තිබෙනවා.
පරිසර අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන, අලි ඇතුන්ගේ ජීවිතවලට එල්ල වන තර්ජන අවම කිරීම සඳහා විද්‍යාත්මක හා සැලසුම්සහගතව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙහෙයුමේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් පරිසර අමාත්‍යවරයා සඳහන් කළේ, අනතුරට ලක්වීමේ අවදානමක් පවතින අලි ඇතුන් 17 දෙනෙකු මූලික කරගනිමින් මෙහෙයුම ආරම්භ කළ බවයි.
අලි ඇතුන් ජීවත්වන ප්‍රදේශවලින් සියයට 80ක් පමණ ආවරණය වන පරිදි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඉතිරි සියයට 20ක ප්‍රදේශය ද වෙනම වැඩපිළිවෙළක් යටතේ ආවරණය කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
අලි ඇතුන්ගේ ජීවිතවලට තර්ජනයක් වන අනවසර ගිනි අවි, හක්කපටස්, අනවසර විදුලි රැහැන් සහ මදු සම්බන්ධයෙන් වැටලීම් සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද මෙම වැඩපිළිවෙළ යටතේ සැලසුම් කර තිබෙනවා.
මෙහෙයුම සඳහා හමුදා සාමාජිකයන් 60 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව සිටින අතර, කණ්ඩායම් හයක් යටතේ ක්‍රියාත්මක මෙහෙයුම් කණ්ඩායම් 10ක් ද ඊට දායක වී ඇත.
හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ආරම්භක අවස්ථාවට වයඹ පළාත භාර වනජීවී අධ්යක්ෂ පුෂ්පන්ත විමලදාස, පරිසර අමාත්‍යාංශයේ උපදේශක රවින්ද්‍ර කාරියවසම් යන මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk