2026-11-02 19:17:00 Hours
රජය සතු තෝරාගත් ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යාංශය සඳහන් කළේ, අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සඳහා වූ විශේෂ ඒකකයක් පසුගිය මාර්තු මාසයේදී අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කළ බවයි.
එම ඒකකය මගින් අදාළ ව්‍යවසායන් 33 ඈවර කිරීමේ කටයුතු සිදුකරනු ලබනවා.
මේ අතර, 2026 අයවැය යෝජනාවලට අනුව තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන්හි සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් සහ පාරිතෝෂික ගෙවීම්වලට අදාළ දිගුකාලීන හිඟ වගකීම් පියවීමටද මහා භාණ්ඩාගාරය පියවර ගෙන තිබෙනවා.
ඒ සඳහා වෙන්කර ඇති රුපියල් බිලියන 5ක මුදලින් රුපියල් බිලියන 2.8ක් 2026 අගෝස්තු මාසය අවසන් වනවිට ගෙවා අවසන් කර ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ අතර, මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් මෙම වසරේ දෙවන කාර්තුවේදී රාජ්‍ය ව්‍යවසාය ක්ෂේත්රයට අභියෝග රැසකට මුහුණදීමට සිදුව ඇති බවද අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
අමුද්‍රව්‍ය පිරිවැය ඉහළ යාම, සැපයුම් දාමවලට බාධා එල්ල වීම සහ ඇණවුම් අවලංගු වීම එම අභියෝග අතර වනවා.
කෙසේ වෙතත්, එම තත්ත්වය මධ්‍යයේ වුවද ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 51ක් 2026 වසරේ පළමු මාස හය තුළ රුපියල් බිලියන 259.3ක සමස්ත ලාභයක් වාර්තා කර තිබෙනවා.
එය 2025 වසරේ අදාළ කාලසීමාවේ වාර්තා කළ රුපියල් බිලියන 227.8ක ලාභයට සාපේක්ෂව රුපියල් බිලියන 31.5ක වැඩිවීමක් බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk